සබරගමුව පළාතේ සොභාව සෞන්දර්යයෙන් අනූන වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ කහඹිලියාවල නම් සොදුරු ගැමි පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.
කෑ/දැදි/කහඹිලියවල මහා විද්‍යාලය වසර 140 ක් පමණ පැරණි අතීත ශ්‍රී විභූතියකට උරුමකම් කියන සතර කෝරලයේ ෙළුතිහාසික පාසලකි.දඹදෙනි විත්ති ඉතිහාස ග්‍රන්ථයේ සඳහන්ව ඇති පරිදි කහවනගොඩ වර්තමානයේ කහඹිලියවල බවට පත්ව ඇත.
දැනට සමෘද්ධි බැංකුව පවතින ස්ථානයේ බාලිකා පාසලක් ලෙස ආරම්භ වී ඇති බව එම ග්‍රන්ථයේ සඳහන්ව ඇත.පසුව මෙ පාසල පිරිමි පාසලක් ලෙස එක් ගොඩනැගිල්ලක් සමගින් ඇබපිටිය නම් ඉඩමට මායිම්ව ආරම්භ කර ඇත.එහෙත් නිශ්චිත තොරතුරු අනාවරණය වනු ලබන්නේ වර්තමානයේ පාසල පවතින ස්ථානය මිශ්‍ර පාසලක් ලෙස ආරම්භ වීමෙන් පසුවයි.
ඒ අනුව 1920.06.01 පළමු වන විදුහල්පතිවරයා ලෙස ඊ.එම්. ජයතිලක මහත්මා සේවය කර ඇති අතර ඔහුගේ සේවා කාලය වසර 09 කි.අනතුරුව 1929.01.31 ඩබ්ලිව්. ඒකනායක මහත්මාද විදුහල්පති ධූරයට පත්වූ අතර ඔහුගේ සේවා කාලය වසර 12 කි.1953.01.01 ඩබ්ලිව්. විජේවර්ධන මහත්මා විදුහල්පති ධූරයට පත්ව තිබේ.පසුව 1955.01.15 එල්.බී. සෝමරත්න මහත්මා ද 1957.10.03 එස්.පී.සමරසිංහ මහත්මාද ,1964.12.01 දින යූ.බී. විතානාරච්චි මහත්මාද, 1965.06.01 ඩබ්ලිව්.හරිස්චන්ද්‍ර මහත්මාද , 1968.07.01 ඩී.සී. හෙට්ටිආරච්චි මහත්මාද, 1968.09.01 දින එන්. නන්දසේන මහත්මාද, 1970.08.05 යූ.බී. වික්‍රමාරච්චි මහතාද, 1971.01.20 පී.ජී. ගුණතිලක මහත්මාද, 1976.05.28 දින ධර්ම ශ්‍රී ලෙනගල මහත්මාද, 2000.09.01 දින වයි.එච්. ගුණතිලක මහත්මාද, 2011.09.26 දින එච්.ඒ.ඒ. ජයවීර මහත්මාද, 2014.09.29 දින පූජ්‍ය බී. නන්දරතන ස්වාමීන් වහන්සේද, අනුපිළිවෙළට පාසලේ විදුහල්පතිවරුන් ලෙස පත්ව ඇත.ඔවුනොවුන්ගේ ධූර කාලසීමාව තුළ ගුණාත්මක හා ප්‍රමාණාත්මක ලෙස පාසලේ නැගිටීම හා බිඳ වැටීම සිදුවී ඇති බව සඳහන් කළ හැකිය.වර්තමානයේ පළාතේ කීර්තිමත් මහා විද්‍යාලයක් ලෙස මෙය ප්‍රදේශයට විද්වතුන්,නැණවතුන් හා ගුණවතුන් බිහි කළ අධ්‍යාපන ආයතනයක් ලෙස විරුදාවලියට පත්ව ඇත.
විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය, ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, ගණිතාගාරයක් , පුස්තකාලය , ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.
විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව,ශිෂ්‍ය,පාර්ලිමේන්තුව, නායකත්ව පුහුණු වැඩ සටහන්, විවාද කණ්ඩායම, ශාන්ත ජෝන් ගිලන් රථ කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය ,ICT Club,පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 30ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 5කින් සමන්විතය. දෙසිය පනස් නවයක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "ඵල සපිරි සංවර්ධනයට සක්‍රීය දායකත්වය" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන්, ප්‍රජාව හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. ගුණ,නැණ,වෙර සපිරි ක්‍රියාශීලී දරු පරපුරක් ගොඩනැගීම අප පාසල බලාපොරොත්තු වන මෙහෙවරයි.
|
ආරම්භ කළ වර්ෂය |
1920 ජූනි 01 |
|
ඉඩමේ ප්‍රමාණය |
අක්කර 1 |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඊ.එම්. ජයතිලක මහත්මා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
කෑ/දැදි/කහඹිලියාවල මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ඊ.එම්. ජයතිලක මහත්මා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1961.03.11 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
දැනට සමෘද්ධි බැංකුව පවතින ස්ථානයේ බාලිකා පාසලක් ලෙස |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1920 ජූනි 01 දින |





