විදුහල්පති පණිවිඩය
පූජ්‍ය බී. නන්දරතන හිමි
වර්තමානයේ ලෝක ඉතිහාසය තුල සුවිශේෂි වු තාක්ෂණික වෙනස්කම් රැසක් සිදු වෙමින් පවතී. තොරතුරු තාක්ෂණය සන්නිවේදනය ප්‍රමුඛ කරගත් බොහෝ තාක්ෂණික සන්නිවේදන දියුණුවත් සමග වත්මන් සිසු පරපුර හමුවේ නව අභියෝග රැසක් නිර්මාණය වී ඇත. පොත පතට සීමවී තිබු පන්තිකාමර ඉගැන්වීම් ක්‍රමය අද වන විට සම්පුර්ණයෙන්ම තාක්ෂණය හරහා සිදු කෙරෙන වටා පිටාවක් නිර්මාණය වී ඇති මොහොතක අධ්‍යාපනික වෙබ් අඩවි නිර්මාණය කිරීම තුලින් සිසු පරපුර දැනුම සොයා යෑමෙන් අභියෝගය සාර්ථකව ජය ගනිමින් සිටිති.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
පූජ්‍ය බී. නන්දරතන හිමි
විදුහල්පති
කහඹිලියාවල මහා විද්‍යාලය.





