කහඹිලියාවල මහ විදුහල් මෑණී
සමරමු සැමදින සිහිකර ඔබ ගුණ
කහඹිලියාවල මහ විදුහල් මෑණී
මහ ඔය සිසිලස පරිසරයම පිස
ගත සිත පුබුදන්නී.....
මහමෙර සේ උස විදුහල කිතුගොස
දස දෙස පතුරන්නී....
කහඹිලියාවල මහ විදුහල් මෑණී
සමරමු සැමදින සිහිකර ඔබ ගුණ
කහඹිලියාවල මහ විදුහල් මෑණී......
විදු නැණ පාදන යහගුණ සාදන
අප විදුහල් මෑණී.....
සූර වීර හෙළ ධීර පුතුන් බල
තේජස පතුරන්නී......
කහඹිලියාවල මහ විදුහල් මෑණී
සමරමු සැමදින සිහිකර ඔබ ගුණ
කහඹිලියාවල මහ විදුහල් මෑණී..//





